gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චක්‍රලේඛ කඩකරමින් 2019දී ලිට්රෝ සභාපතිවරයාට ලක්ෂ 22ක ප්‍රසාද මුදලක් ගෙවලා!

යහපාලනය සදහා වු රාජ්‍ය ව්‍යාපාර මාර්ගෝපදේශ චක්‍රලේඛයේ සඳහන් විධිවිධානවලට පටහැනිව ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් 2019 වර්ෂයේ දී එහි සභාපතිවරයා වෙත රුපියල් 2,269,737ක ප්‍රසාද මුදලක් ගෙවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ ඒ බව සදහන් වනවා.

එමෙන්ම චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව සමාගම විසින් සභාපතිවරයාට ගෙවන ලද දීමනා මත සේවක ආර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ලිට්රෝ ගෑස් සමාගම විසින් මාර්ගෝපදේශයේ සඳහන් විධිවිධානවලට පටහැනිව හා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතියකින් තොරව කටයුතු කිරිමේ ප්‍රථිපලයක් වශයෙන් විධායක වැටුප් ලේඛනයේ දළ වැටුප රුපියල් 38,000 සිට  රුපියල් 1,000,000 දක්වා පරාසයක පවතින බවද විගණන වාර්තාවේ සදහන්.

සමාගමේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂක මණ්ඩලයේ දීමනා තීරණය කිරිමට පෙර සමාගම විසින් රේඛිය අමාත්‍යංශයේ ලේකම්ගේ නිර්දේශ හා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබාගෙන තිබේද යන්න තහවුරු කර ගැනිම සඳහා විගණනයට සාක්ෂි ලැබිනොමැති බවද විගණන වාර්තාවේ දැක්වෙනවා.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත අමාත්‍යංශය හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ හා උසස් කිරිමේ ක්‍රියාපටිපාටියක් සමාගම සතුව නොමැති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

අනුමත කාර්ය මණ්ඩලයක් සහිතව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ සංවිධාන ව්‍යූහයක් සමාගම සතුව නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වනවා.

කෙසේවුව ද සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සමාගමේ සංගමික ව්‍යාවස්ථාවලියට අනුව සියලු කටයුතු කර ඇති බවයි.

-asianmirror


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka