gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඡන්දෙන් යවන්න බැරි රාජපක්ෂලා අපි අරගලයෙන් එලෙවුවා... මට ගැහුවේ මා මිල අඩු කළ බෙහෙත් බිවු අයමයි - රාජිත සේනාරත්නගෙන් සටහනක්!

මැතිවරණයකින් පරාජය කළ නොහැකි වූ ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලන වියරුව පරදවිමින් අරගලය ජයග්‍රහණය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.
ඔහු මේ බව සදහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

යම් පුද්ගලයෙක් හෝ
යම් පිරිසක් විසින්,
මට සිදුකළ පහරදීම නිසා, අරගලය ගැන
මගේ තිබෙන ආකල්පය බිඳකින් හෝ වෙනස් වෙන්නේ නැහැ…
මෙය ලංකා ඉතිහාසයේ සිදුවූ,
සුවිශේෂීම දේශපාලන අරගලයයි.

ඒකාධිපති
රාජපක්ෂ පවුල් පාලනය,
මැතිවරණයකින්
පරාජය කිරීමෙන්
අවසන් නොවන බව,
2015 – 2019 කාලයේදී
අපි දැක්කා…
ඒකාධිපති වියරුවක් තිබෙන,
මේ වගේ පවුල් පාලනයක් අවසන් කරන්න පුළුවන්කම තියෙන්නේ,
විශාල මහජන නැගිටීමකින් විතරයි..

ඒ ගැන,
ලෝක දේශපාලන ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා..
මිනිස්සු විවිධයි.. විෂමයි. ඔවුන්, කැමති අය..
අකමැති අය විවිධයි.
මට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ අරමුණ,
හොඳ රටක් නිර්මාණය කිරීමදැයි
මගේ සිත ප්‍රශ්න කරයි.

මා විසින් මිළ අඩුකළ, බෙහෙත් පෙත්තක් බීපු මිනිස්සු ඔවුන්..
මා විසින් නොමිලයේ දීමට තීරණය කළ,
ස්ටෙන්ට්වලින්
ජීවිත බේරාගත් දෙමාපියන්ගේ
දරුවන් ඔවුන්.
මා විසින් නොමිලයේ දීමට තීරණය කළ,
අක්ෂි කාචවලින්
පෙනීම ලැබූවන්ගේ නෑදැයන් ඔවුන්.
මම, කිසිවෙකුට
වෛර කරන්නේ නැහැ…

ශුද්ධ වූ අරගල කියා එකක් ලෝකයේ නැහැ..
ශුද්ධ වූ අරමුණු පමණයි ලෝකයේ තිබෙන්නේ..
ඒ ශුද්ධ වූ අරමුණු කරා යන ගමනේදී,
අපහාස විඳීමට.. පහරකෑමට..
ඝාතනයට ලක්වීමට වුවත්
ඉඩ තිබෙනවා..

නමුත් ඒ කිසිවක් අවසානයේදී වැදගත් වෙන්නේ නැහැ.
වැදගත් වෙන්නේ,
අරමුණ ඉෂ්ට වූවාද? අරගලය
ජයග්‍රහණය කළාද?
යන්න පමණයි.
අරගලයේ ජනතා සටන,
අපි දැන් ජයග්‍රහණය කර අවසන්.

බස්වල කෝච්චිවල එල්ලීගෙන,
හැතැප්ම ගණන් පා ගමනින් පැමිණ,
ඊට සහාය දුන් සියලු දෙනාට මම සුබපතන්න කැමතියි..
ඔබ සැමට, මාගේ ආචාරය!
වෛද්‍ය රාජිත සේනාරත්න


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka