පසුගිය දින කීපය තුළ ඔබ කළ සේවය විශිෂ්ටයි… නව ජනපති ත්‍රිවිධ හමුදාවට ස්තුතිය පල කරයි (VIDEO)
පසුගිය දින කිහිපය තුළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කළ සේවය වෙනුවෙන් ජනාධිපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ සිය කෘතඥතාව පළ කළේය. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගිය අභිනව ජනාධිපතිවරයා සිය වාහනයෙන් බැස පාර්ලිමේන්තුවෙන් පිටත රාජකාරියේ යෙදී සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුවිය.
මෙම හමුවේදී ඔහු පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව ආරක්ෂා කළ ආරක්ෂක අංශ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමට සහ තහවුරු කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිතුමා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිය ස්තූතිය පුද කළේය
පසුගිය දින කීපය තුළ ඔබ කළ සේවය විශිෂ්ටයි… නව ජනපති ත්‍රිවිධ හමුදාවට ස්තුතිය පල කරයි (VIDEO)
2022-07-20T22:14:00+05:30
Gossip Lanka Hot News






