ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් විසින් ගත් තීරණය අනුව ඒ මහතා මෙම තීරණය ගෙන තිබේ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස් වූ පක්ෂ නායකයන් විසින් තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධුරවලින් ඉල්ලා අස් විය යුතු බවයි.
ඉන් අනතුරුව වැඩබලන ජනාධිපති වරයා ලෙස කතානායකවරයා කටයුතු කරමින් කෙටි කාලයක් තුල ජනාධිපති වරයෙක් සහ නව ආණ්ඩුවක් පත් කර ගැනීමට පක්‍ෂ නායකයන් විසින් යෝජනා කර තිබේ.
