gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද අරගලයේ ඉන්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණයි...අරගල භූමිය වහාම ඉවත් කර විහාර මහාදේවී උද්‍යානයට යවනවා - ප්‍රසන්න රණතුංග

දැනට අරගල භූමිය ලෙස පවත්වාගෙන යන  ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව උද්ඝෝෂණ භූමිය උද්ඝෝෂණ  පැවැත්වීමට කිසිදු ආකාරයකින් සුදුසු ස්ථානයක් නොවන වහාම ක්‍රියාත්මකවන පරිදි එම ස්ථානයෙන් උද්ඝෝෂණ භූමිය ඉවත් කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් සතු සියලුම බලය යොදන බවත් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය කාලය තුළ සිදුවූ සිදුවීම් මගින් එය තහවුරු වී  ඇති බව කී ඇමතිවරයා   වහාම ක්‍රියාත්මකවන  පරිදි ඒ ස්ථානය   ඉවත් කර ඒ සඳහා විකල්ප සුදුසු ස්ථානයක් ලෙස විහාරමහාදේවී උද්‍යානය ලබා දීමට කටයුතු කරන බව කීය.

අරගලයේ දැන් පොදු ජනතාව නැති කුඩු කාරයන් පිරිසකගේ කොල්ලයක් බවත් හැකි සියලුම මර්ධනයන් සහිතව එය පාලනය කළ යුතු බවත් ප්‍රසන්න රණතුංග  පැවසුවේය.

“වැදගත් මිනිස්සු අද ඉන්නේ අරගලයෙන් ඈත් වෙලා. ඉන්නෙ කුඩු කාරයො විතරයි. සාමකාමී අරගල කළ පිරිස් නව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඒ කටයුතු කරගෙන යන්න දීලා ඉවත් වෙලා.“

“ජනාධිපතිවරයාගේ මාධ්‍යයට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධානීන් දෙන්නම මේ අරගලයේ ප්‍රධානම පාර්ශව නියෝජනය කළ අය. ඒ අයගෙ අරගලය අවසන් කළා කියලා අද මූනූ පොතේ දාලා තිබුණා.“

“මේ වගකීම් විරහිත පුද්ගලයින් වහාම එම ප්‍රදේශවලින් ඉවත් කර නිති විරෝධි විනාශ කාරී ක්‍රියාවන් පාලනය කළ යුතුයි. මේ රටේ  මෙම තත්ත්වය  පාලනය කළ යුතුයි. නැතිනම් ඔබටත් මටත් මේ රටේ ජීවත් වෙන්න බෑ.“ ප්‍රසන්න රණතුංග විපක්ෂය දෙස බලා පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka