ඉතිහාසයේ ලොකු ම ලනුව කාබනික ව්‍යාපෘතියයි... මුළු රටේ ම කෘෂිකර්මාන්තය විනාශ වුණා – පොහොට්ටු මන්ත්‍රී
ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ලනුව කාබනික පොහොර ව්‍යාපෘතිය බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. කාබනික පොහොර ව්‍යාපෘතිය දාර ලණුවක් බව දැන එය ක්‍රියාත්මක කරන්නට එපා යැයි තමා මුලදීම පැවසූ බව කී මන්ත්‍රීවරයා නායකයන් එම කතා කනකට ගත්තේ නැතැයි ද කීය.
එම තීරණය නිසා රටේ කෘෂිකර්මාන්තය විනාශයෙන් විනාශයට පත්වූ බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මේ බව පැවසූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ඉතිහාසයේ ලොකු ම ලනුව කාබනික ව්‍යාපෘතියයි... මුළු රටේ ම කෘෂිකර්මාන්තය විනාශ වුණා – පොහොට්ටු මන්ත්‍රී
2022-07-08T07:59:00+05:30
Gossip Lanka Hot News






