විරෝධතාවට පළමු මරු පහර… බස්නාහිර පොලිස් කොට්ඨාස 07කට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය
බස්නාහිර පලාතේ මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ, සහ කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසයන්හි සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි රාත්‍රී අද 09 සිට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය ප්‍රකාශ කර තිබේ.
මෙම කොට්ඨාසවල පොලිස් බල ප්‍රදේශයන්හි සිටින සියලුම තැනැත්තන් තමන්ගේ නිවාසවලම රැඳී සිටිය යුතු බවට පොලිසිය දැනුම් දෙයි.
පොලිස් ඇඳරි නීතිය කඩකිරීම මහජන සාමය පවත්වා ගැනීමට බාධාවක් සේ සලකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය අනතුරු අඟවයි.
පොලිස් ඇඳරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත
විරෝධතාවට පළමු මරු පහර… බස්නාහිර පොලිස් කොට්ඨාස 07කට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය
2022-07-08T21:05:00+05:30
Gossip Lanka Hot News







