gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොමග යන්න එපා… දවස් කීපයකින් සියලු ප්‍රශ්න විසඳනවා… ජනපති සහතික වෙයි!

පවතින තත්ත්වයට තව දින කීපයකින්  විසඳුම් දෙන බව ජනාධිපතිවරයා අද සහතික වී ඇත. අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව දන්වා තිබේ. සියලු කටයුතු සාර්ථක වෙමින් ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් රට නැවත ආපස්සට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා එම නිවේදනය ඔස්සේ රටට  සිය කණගාටුව පල කර තිබේ.

එමෙන්ම නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් යටතේ අනාගත දරු පරපුරට යහපත් රටක් උදා කරදීමට  තමන්ට සහාය වීම ජනතාවගේ යුතුකමක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසුනොවන ලෙසත් බුද්ධිමත්ව හැසිරෙන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය අද සවස නිකුත් කළ මාධ්‍ය  නිවේදනයේ දැක්වෙන්නේ  ලෝකයේ ධනවත්ම රටවල් පවා ආර්ථිකව බිඳ වැටී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා මැදිහත්ව ජාත්‍යාන්තරය හා කළ ගනුදෙණුවල  ප්‍රතිඵල තව  සති කීපයක් යනවිට රටට ලැබෙන බවය.

ජාත්‍යාන්තර මූල්‍යඅරමුදල හා සකච්ඡා සාර්ථක වී ඇති බවත්, ඉදිරි සති කීපය තුළ ණය ආධාර වැඩසහන ක්‍රියාත්මක බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

පසුගිය දින කීපය තුළ ජනාධිපතිවරයා ලෝක නායකයින්ට දුරකථනයෙන් කථා කරමින් තානාපතිවරුන් හා සාකච්ඡා කරමින් ලෝකයේ බොහෝ රටවල සහයෝගය ගන්නට කටයුතු කළ බවත් මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka