gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති මන්දිරය අසල දී වෙඩි වැදුන බවට සැක 03ක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ!

චැතම් වීදියේ සිට ජනාධිපති මන්දිරය අසලදී  ඇතිවූ  නොසන්සුන්කාරී තත්තවයේ දී   වෙඩි ප්‍රහාරයකට ලක් වූ බවට සැක කරන  පුද්ගලයින් තිදෙනෙක්   කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

වෙඩි වැදුන බවට සැක කරන පුද්ගලයින් 03 දෙනා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. මින් එක් තරුණයෙකුගේ හිස කුඩු වී ඉාතා  අසාධ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වේ.  මේ වනවිට පුද්ගලයින්  29 දෙනෙක් කොළඹ ජාතික  රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මන්දිරයේ එක් ගේ්ට්ටුවක් ඉවත් කිරීම සඳහා අරගලකරුවන් කරන ලද උත්සාහයේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇත.

තුවාල ලද පිරිස අතර පොලිස් නිලධාරීහු දෙදෙනෙකු වෙති.

- කීර්ති ප්‍රනාන්දු
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka