විධායක ජනපතිවරයෙක් ගෙදර යැවූ සටන අවසානයේ 103කට තුවාල! මාධ්‍යවේදීනුත් 11ක් ඒ අතර! වෙඩි වැදුණු තිදෙනෙක්!
කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව පැවති ඊයේ පැවැති විරෝධතාවලදී පුද්ගලයින් 103 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් පුද්ගලයින් 55 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සඳහන් කළා.
එලෙස ප්‍රතිකාර ලබමින් සිටින තුවාලකරුවන් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙකු ද වනවා.
වෙඩි වැදීම් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකුද මේවනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඒ අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශිකාව පැවසුවේ.
ඔහුගේ හිසෙහි වෙඩි වැදීමකින් සිදු වූ බවට සැක කෙරෙන තුවාල ඇති බව ද ඇය කියා සිටියා. කෙසේවෙතත් තුවාල ලැබූ පිරිස අතර කාන්තාවන් 09 දෙනෙකු ද වනවා.
විධායක ජනපතිවරයෙක් ගෙදර යැවූ සටන අවසානයේ 103කට තුවාල! මාධ්‍යවේදීනුත් 11ක් ඒ අතර! වෙඩි වැදුණු තිදෙනෙක්!
2022-07-10T09:40:00+05:30
Gossip Lanka Hot News






