ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටින් පිට වී මාලදියින දක්වා යාම සඳහා ගුවන් හමුදා යානයක් ලබාදුන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව යැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල අනුව රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව මෙම ගුවන් යානය ලබාදුන් බවයි.
එමෙන්ම එය සිදුවූයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇති ආගමන විගමන, රේගු සහ අනෙකුත් සියලු ම නීතිරීතිවලට යටත්ව බව ද මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපොළේ සිට මාලදිවයින දක්වා යාමට AN 32 යානයක් ලබා දී තිබේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් ම පහතින්
