අරගලය ඉවරම කරන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! ඉදිරිපෙළ සිටි තරුණයින් 150කගේ ලයිස්තුවක් හදයි! එකා ගානේ අත්අඩංගුවට ගෙන නඩු දාන්න සියල්ල සූදානම්!
අරගලයේ ප්‍රධාන භූමිකා සහිතව ක්‍රියාකාරීව සිටි තරුණයින් 150 දෙනෙකුගේ ලයිස්තුවක් පොලිසිය විසින් මේ වනවිට සකස් කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මෙම තරුණයින්ට අදාලව සියලුම තොරතුරු රැස් කරමින් සිටින බවත් ඉදිරි සතියේ සිට එක් එක් පුද්ගලයා වශයෙන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවත් එම තොරතුරු හෙළි කරයි.
මැයි 09 දා ගොල්ෆේස් සාමකාමී අරගලයට පහර දීමට ඉඩ ලබා දීම සම්බන්ධව චෝදනා ලැබ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ කටයුතු පොලිස් කණ්ඩායම් 04ක් මගින් සිදුකිරීමට සැරසෙන බව වාර්තා වී ඇත.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, කොළඹ උතුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නියමිතය.
උපුටා ගැනීම : ලංකාසර
අරගලය ඉවරම කරන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! ඉදිරිපෙළ සිටි තරුණයින් 150කගේ ලයිස්තුවක් හදයි! එකා ගානේ අත්අඩංගුවට ගෙන නඩු දාන්න සියල්ල සූදානම්!
2022-07-30T16:23:00+05:30
Gossip Lanka Hot News






