gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ බාධක සුන් … රටෙන් පිරිසක් කොළඹට… ඉතිරි පිරිස් ආසන්න නගරයේ උද්ඝෝෂණ!

ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ පවතින රජයට විරෝධය පලකරමින් පෙළගැසෙන දැවැන්ත ජනතා විරෝධය මැඩ පැවැත්වීමට රජය  ගෙන ඇති සියලුම බාධක මේ වනවිට ඉවත් වෙමින් තිබේ. නැවත දැනුම් දෙන තුරු පැනවූ බව කී පොලිස් ඇඳරි නීතිය උදෑසන 8 වනවිට ඉවත් වූයේය.

කොළඹට දුම්රිය ධාවනය නැවැත්වුව ද බලවත් ජනතා විරෝධය හමුවේ නුවර ගාල්ල සහ අනුරාධපුරයෙන් දුම්රිය කොළඹ දක්වා ධාවනය කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය.  ඒ සමගම දුම්රිය ධාවනය සමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

නවත්වා තිබූ ලංගම බස් රථ ධාවනය  මේ වනවිට   යළි යථා පරිදි සිදුවන බව නිවේදනය කර ඇත.

අති විශාල ජනතාවක් කොළඹට පැමිණෙනු ඇති බවට බුද්ධි අංශ තක්සේරු කර ඇතැයි වාර්තා වේ.

ප්‍රවාහන පහසුකම් නොලදහොත්  ගම්පහ, පානදුර, මීගමුව, කැස්බෑව, වැනි කොළඹට ආසන්න නගරවලින් ජනතාව පා ගමනින් කොළඹ බලා පැමිණීමට සැලසුම් කර තිබිණි.

සෑම නගරයකින්ම කොළඹට යා හැකි පිරිස් කොළඹ යන අතර තුර ඉතිරි සියලු දෙනා එක්වී එම නගරවල උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් වෙමින් සිටිති.

කොළඹ ලෝක වෙළෙඳපල පරිශ්‍රයේ ඊයේ රැය පහන් කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ තරුණයින් සහ ගෝල්ෆේස් අරගලකරුවන් මේ වනවිට විරෝධතා දියත් කර ඇත.

- කීර්ති ප්‍රනාන්දු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka