gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බහුතරය සම්පූර්ණයි... රනිල් ඉවතට... ජනපති නොතකා නව අමැතිවරයෙක් සමග නව ආණ්ඩුවක්!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු කටයුතු සූදානම්ව ඇතැයි අපි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නව ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය 113 බලය දැනටමත් තම කණ්ඩායම සතුව ඇති බවද පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා නොතකා මෙම ආණ්ඩුව පිහිටුවන බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතර බලයට අන් සියළු බලයන් යටපත් වන බවද හෙතෙම පැවසීය.

මෙසේ පිහිටවන සර්වපාක්ෂික ආණ්ඩුවේ පක්ෂ නායකයන් අමාත්‍යධුර බාර නොගනු ඇති බවත් ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනය කරන නායකත්ව මණ්ඩලයක සිටිනු ඇති බවත් පැවසූ ඔහු අමාත්‍යවරුන් විසින් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇති බවද සඳහන් කළේය.

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ ක්‍රමවේදය ගැන සාකච්ඡා කළ බවද පැවසූ ඔහු සතියක් පමණ ගත වෙද්දී නව ආණ්ඩුවක් පිහිටුවනු හැකි වනු ඇති බවද කියා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පැවති සාකච්ඡාවලින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka