ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 17 දෙනක් මත්තල ගුවන්තොටුපල හරහා අද රටින් පිටවීමේ සැරසෙන බව ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල සඳහන් කරයි.
ගුවන් හමුදාවට අයත් බෙල් 12 හෙලිකොප්ටර් යානයකින් මත්තල ගුවන් තොටුපළට ගමන් කර උගන්ඩාවේ සිට පැමිණෙන පුද්ගලික ජෙට් යානයකින් ඔවුන් විදේශ ගත වීමට සැරසෙන බව ඔහු හෙළි කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ ඇතුලු ඔහුගේ පවුලේ සාමාජිකන් කිහිප දෙනකුද ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් දෙදෙනකුද මෙම කණ්ඩායම තුළ සිටින බවට තමන් වෙත තොරකුරු ලැබී ඇතැයි අජිත් ධර්මපාල කියයි.
මේ වනවිට මත්තල ගුවන්තොටුපල අවට පිරිස් එක් රැස්වෙමින් ඇතැයි ප්‍රදේශයේ ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් රටේ නීත්‍යානුකූ පදනම මත අධිකරණ නියෝගයකින් ගුවන් ගමන් තහනමක් සිදුනොකළ ඕනෑම පුද්ගලයෙකුට නීත්‍යානුකූලව රටින් පිටවී යෑමේ අයිතිය තිබේ.
උපුටා ගැනීම : lankasara
