පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජන...කතානායක පොලීසි යයි... ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි... පොලිසිය පැමිණිල්ල රහස් පොලිසියට බාර දෙයි! (VIDEO)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කතානායකවරයා ඉදිරිපත් කළ එම ලිපිය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජන...කතානායක පොලීසි යයි... ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි... පොලිසිය පැමිණිල්ල රහස් පොලිසියට බාර දෙයි! (VIDEO)
2022-07-19T07:44:00+05:30
Gossip Lanka Hot News