gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැඩබලන ජනාධිපති කතානායක! රනිල් වහාම අගමැති ධූරයෙන් ඉවත් විය යුතුයි! පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කරයි!

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්විය යුතු බවට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට කතානායක නිලනිවසේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

මෙම පක්ෂ නායක හමුවට පක්ෂ නායකයන් කිහිප දෙනකු සහභාගී වී සිටි අතර බොහෝ පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබිණ.

මෙහිදී අගමැති රනිල් විත්‍රමසිංහ මහතාද වහාම අගමැති ධූරයෙන් ඉවත් විය යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

මෙහිදී පක්ෂ නායකයන් බහුතරයක් දැනුම් දී ඇත්තේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත්වීමෙන් පසු නව අගමැතිවරයකු පාර්ලිමේන්තුවෙන් පත්කර ගත යුතු බවකි.

මාධ්‍ය වාර්තා කොට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායකයන් ගන්නා තීරණයකට එකග වන බව දැනුම් දී ඇති බවකි.

මෙම පක්ෂ නායක රැස්වීම අගමැතිවරයා විසින් පළමුව කැදවා තිබුණද පක්ෂ නායකයන් බොහෝ දෙනකු ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට තිබිණ.

ඉන් අනතුරුව මෙම රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ පැවැක්වීමට පියවර ගෙන තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka