gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහල ට!

ඊයේ (3) රාත්‍රියේ දී අනතුරට ලක් වූ ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනි අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහල වෙත රැගෙන යෑමෙන් අනතුරුව විශේෂ ශල්‍යකර්මයක් සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ.

මේ වනවිට ඔහුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකට   ඇතුළත් කර ඇත. ඊයේ පැවති රූ ගතකිරීමකින් අනතුරුව ගල්ගමුවේ සිට අනුරාධපුර බලා ගමන් කරමින් සිටිය දී  තලාව  මොරගොඩ හතේ කනුව අසල දී පාර මාරුවන වන වන අලියෙකුගේ රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

රියෙහි වැදුනු වන අලියා රිය මතට ඇද වැටී තිබේ.   අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවමින් සිට ඇත්තේ ජැක්සන් ඇන්තනි විසිනි.

ඔහුගේ සොයුරු සමන් ඇන්තනි මේ වනවිටත් අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.  ඔහුගේ තත්ත්වය ද අසාධ්‍ය බව අනුරාධපුර රෝහල් පොලිසිය කියයි.

- කිර්ති ප්‍රනාන්දු


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka