කටුනායකින් පනින්න හදන අයට වැඩේ අමාරු වෙයි! ප්‍රභූ නිශ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති!
අද අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ” සේද මාවත ” ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් තීරණය කර තිබේ.
කටුනායක ගුවන්තොටුපලේ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා පර්යන්තය මෙය ය.
ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිතා කරන ප්‍රභූ පර්යන්ත , එම ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යාමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වේ.
චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා මෙන්ම මේ වනවට රටේ උද්ගතවී ඇති තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ගත් තීන්දුවක් මත තමන් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල ප්‍රකාශ කළේය.
ඉකුත් 06/06 දින සිට 06/20 දක්වා ශ්‍රී ලංකාව තුළ පැවති හර්තාල් සමය තුළ ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ (V.I.P.Lounge ) සහ සේද මාවත ( Silk Route ) රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී සිටියේය.
කටුනායකින් පනින්න හදන අයට වැඩේ අමාරු වෙයි! ප්‍රභූ නිශ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති!
2022-07-12T09:47:00+05:30
Gossip Lanka Hot News







