හමුදා කතාවට ඉන්දියාවත් කලබල වෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි!
ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට පළවූ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම වාර්තා සහ අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බව එම නිවේදනයේ දැක්වේ.
ඉන්දියාව සෞභාග්‍ය සහ ප්‍රගතිය උදෙසා ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට උත්සහ දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැහැදිලිව සඳහන් කළ බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
හමුදා කතාවට ඉන්දියාවත් කලබල වෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි!
2022-07-11T11:55:00+05:30
Gossip Lanka Hot News





