මැයි 9 ප්‍රහාරයේදී පොලිස්පති අතිනුත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු අතිනුත් රාජකාරිය උල්ලංඝනය වෙලා... වහාම විමර්ශනයක් කරන්න ඕනෑ - මානව හිමිකම් කොමිසම ජනාධිපතිට නිර්දේශ කරයි!
ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට ඉකුත් මැයි මස (9) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හරින ලද පොලිස්පතිවරයා ඇතුලු එම ප්‍රදේශයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කළ බව එම කොමිසම පවසයි.
මෙම පරික්ෂණයෙන් පසු සිද්ධියේ දී පහර කෑමට හා තුවාල ලැබු පිරිස් හදුනාගෙන එම වින්දිතයන්ට පොලිසිය ලවා ප්‍රමාණවත් වන්දි ගෙවීමට සිදු කරන ලෙසට මානව කොමිසම කළ නිර්දේශයේ සඳහන් වන බවද එම කොමිසම පවසයි.
මෙම සිද්ධියේ දී පොලිස්පතිවරයා සහ එම ස්ථානයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පොලිස් නිලධාරීන් අතින් රාජකාරි උල්ලංඝනය කිරීමත් සිදුව ඇති බවට නිරීක්ෂණ වී ඇති බවද කොමිසම සඳහන් කරයි.
සිද්ධිය වු දින අරලියහග මන්දිරය තුළ මන්ත්‍රිවරුන්, පිරිස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරිදි අනාවරණයක් කරගෙන නොමැති බවත්, සිද්ධියෙන් පසු ගාලුමුවදොර සාමකාමී අරගලයේ නිරත අරගලකරුවන්ට එදින ආරක්ෂාව සහතික කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බවද මානව හිමිකම් කොමිසම් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මැයි 9 ප්‍රහාරයේදී පොලිස්පති අතිනුත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු අතිනුත් රාජකාරිය උල්ලංඝනය වෙලා... වහාම විමර්ශනයක් කරන්න ඕනෑ - මානව හිමිකම් කොමිසම ජනාධිපතිට නිර්දේශ කරයි!
2022-07-27T12:36:00+05:30
Gossip Lanka Hot News






