අරගලයේ නියුතු වූවන් ජනාධිපති මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලන බල හුවමාරුවක් ගැන සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (09) සවස වනවිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින තත්ත්වය අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි සදහන් වේ.
ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා ජනාධිපතිවරයා සමගත් අග විනිසුරුවරයා සහ නීතිපතිවරයා සමඟත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.
එමෙන්ම මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ව්‍යවස්ථාවට අනුව සිදුවන විසඳුමක් සඳහා වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙස අගමැතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේම අගමැිවරයා අද වසව 3.00ට විශේෂ පක්ෂ නායක හඑමුවක්ද කැඳවා ඇත. රටේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණි ජනතාව අද පෙරවරුවේ මාර්ග බාධක බිඳ දමමින් මේ අනුව ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යලයත් මේ වනවිට අත් පත් කරගෙන සිටිති.
