gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විශේෂ ගුවන් යානයත් බෑ කියයි! ගෝඨා සිංගප්පූරුවට යන්න සෞදි යානයකට ගොඩවෙයි!

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේය.

වාර්තාවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා යන්නේ සෞදි ගුවන් සේවයේ (SV788) ගුවන් යානයෙනි.

මාලදිවයිනේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉල්ලා අස්විය යුතු බවට කරන ලද මහජන විරෝධතා හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මාලදිවයිනට පැමිණියේය

ජුලි 09 වනදා ඇති වූ ජනතා නැගිටීමකින් අනතුරුව ජූලි 13 වනදා සිය ඉල්ලා අස්වීම ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඊයේ සවස සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබියදී ආරක්ෂක හේතූන් මත ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කර සිංගප්පූරුව බලා යාමට පෞද්ගලික ගුවන් යානයක් ඉල්ලා ඇත.

නමුත් තුන් ගුණයක් මුදල් ගෙවා පෞද්ගලික ගුවන් යානයක් සූදානම් කර තිබුණද අවසන් මොහොතේ එයද අවලංගු කිරීමට එම ගුවන් සේවාව පියවර ගෙන තිබිණ.

මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව යන සෞදි ගුවන් සේවයට අයත් (SV788) ගුවන් යානයකින් මාලදිවයිනේ පිටත්ව ගොස් ඇති බව මාලදිවයින් මාධ්‍ය දැන් වාර්තා කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka