ජී.එල් පීරිස් විදේශ ඇමති ධුරයෙන් ඉවතට?
මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් මේ සම්බන්ධයෙන් වන උපදෙස් ලැබී ඇති බව සදහන්ය.
දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පෙරමුණේ සභාපති ධුරයෙන් ද ජී.එල්. පීරිස් මහතා ඉවත් කරනු ඇතැයි මීට පෙර වාර්තා විය.
ජී.එල් පීරිස් විදේශ ඇමති ධුරයෙන් ඉවතට?
2022-07-16T17:01:00+05:30
Gossip Lanka Hot News





