රාජපක්‍ෂලා නිසා ශ්රී ලංකාව තව දුරටත් අවදානමේ… නව ආණ්ඩුවත් හසුරුවන්නේ ඔවුන් - ෆිච් රේටින්ග්ස්
නව ආණ්ඩුවට ඇති රාජපක්ෂ සම්බන්ධතා නිසා ශ්රී ලංකාව තවදුරටත් දේශපාලන අවදානමකට මුහුණ දී ඇතැයි ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙයි.
විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් ලබාගෙන ඇති අතර ඔහු ආණ්ඩුවේ විපක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ ද සහයෝගය ලබාගෙන ඇති බවයි.
නමුත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ශක්තිමත් බව පෙනුණද ආණ්ඩුවට පවතින මහජන සහයෝගය දුර්වල බව ද වාර්තාව කියා සිටියි.
පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ආධිපත්‍ය දැනටමත් දරමින් සිටින්නේ රාජපක්ෂ පවුලේ දේශපාලනඥයෙකු විසින් යැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
රාජපක්‍ෂලා නිසා ශ්රී ලංකාව තව දුරටත් අවදානමේ… නව ආණ්ඩුවත් හසුරුවන්නේ ඔවුන් - ෆිච් රේටින්ග්ස්
2022-07-30T11:33:00+05:30
Gossip Lanka Hot News






