කොරෝනා ගැන කතා කරපු ආචාර්ය චන්දිම ජීවන්දර වඳුරු උණ ගැනත් පළමු වරට කතා කරයි! ඕනෑම වෙලාවක රටට එන්න පුලුවන්!
කොරෝනා වෛසරයට සාපේක්ෂව මන්කිපොක්ස් හෙවත් වදුරු උණ රෝගය පැතිර යාමේ වේගය අඩු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දීම ජීවන්දර පවසනවා.
කෙසේ වෙතත් ලෝකයේ රටවල් 75ක පැතිර ඇති මෙම වදුරු උණ රෝගය මෙරටට ද ඕනෑම අවස්ථාවක පැමිණිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ වදුරු උණ රෝගයෙන් මෙරට ජනතාව ආරක්ෂා කිරීම සදහා මේ වනවිටත් විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර, කල් ඉකුත් වීමට තිබු ෆයිසර් කොරෝනා එන්නත් වල කාලය තවත් මාස තුනකින් දිර්ඝ කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ අදාල ෆයිසර් එන්නත් මෙරට ඖෂධ නියාමන අධිකාරියේ අධික්ෂණයට ලක් කිරීමෙන් පසුවයි. ඒ අනුව පසුගිය ජුලි 31 වනදා කල් ඉකුත් වීමට තිබු ෆයිසර් එන්නත් වල කාලය ඔක්තෝම්බර් මස 31 දක්වා දිර්ඝ කර තිබෙනවා.
කොරෝනා ගැන කතා කරපු ආචාර්ය චන්දිම ජීවන්දර වඳුරු උණ ගැනත් පළමු වරට කතා කරයි! ඕනෑම වෙලාවක රටට එන්න පුලුවන්!
2022-07-25T09:07:00+05:30
Gossip Lanka Hot News






