gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චෝදනා වලට ඍජුව මුහුණ දීමට කබ්රාල් සූදානම්!

තමාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සඳහා ඍජුව මුහුණ දී සත්‍ය තහවුරු කිරීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් බලාපොරොත්තු වන ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කරනවා. එසේ ම ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනමට විරුද්ධව කටයුතු කරන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ද ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ඔහුට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් අද (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ නැවත කැඳ වූ අවස්ථාවේ දී ඔහුට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම එළැඹෙන ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ කිරීමට නියෝග කෙරුණා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කළ 2006 – 2015 කාලය තුළ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ප්‍රවර්ධනය කිරීමට යැයි සඳහන් කරමින් අමෙරිකානු ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම තුළින් රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා වලට එරෙහිවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka