ජපන් කොම්පැනියකින් පගාව ඉල්ලූ බව කී ඇමති නිමල් සිරිපාලට එරෙහිව ජනපති අණින් පරීක්ෂණයක්…
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් නිමල් සිරිපාල ද සිල්වා තාවකාලිකව ඉවත් කරයි....
ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන් මෙරට කැබිනට් ඇමතිවරයෙක් පගාවක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී කළ චෝදනාවට අදාලව නිමල් සිරිපාල ද සිල්වා සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණය නිමා වන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් නිමල් සිරිපාල ද සිල්වා ඉවත් කර තිබේ.
ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ මේ පගා ඉල්ලීම සම්බන්ධව දැනගත් වහාම ජානාධිපතිවරයා කලබල වූ බවය.
ටයිසෙයි යනු 1987 දී ආරම්භ කරන ලද ජපන් සංස්ථාවක් වන අතර එහි ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රයන් වන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම්, සිවිල් ඉංජිනේරු විද්‍යාව හා දේපළ වෙළඳාම් සංවර්ධනය කරන ආයතනයකි.
2020 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බහු මට්ටමේ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා ටයිසෙයි සමාගමට ඩොලර් මිලියන 564ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබිණි.
ජපන් කොම්පැනියකින් පගාව ඉල්ලූ බව කී ඇමති නිමල් සිරිපාලට එරෙහිව ජනපති අණින් පරීක්ෂණයක්…
2022-07-06T13:55:00+05:30
Gossip Lanka Hot News








