gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගේ ගෙට ගිනි තැබීම පිටුපස සේනාධිපති? – අරගලකරුවන්ගෙන් චෝදනාවක්!

රාජපක්ෂවරුන්ගේ පාලන බලය ඊයේ (09) ජනතාව සතුකර ගත් ඉතිහාස ගතවන අරගලයේ නම කැත කිරීම සඳහා කුලී හේවායකුගේ කුමත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට අරගලකරුවන් චෝදනා කරයි.

ඒ අනුව අරගලයෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පහර දී ගිනි තැබීමේ සිදුවීම තම අරගලකරුවන්ගේ ජයග්‍රාහී නාමයට කැළලක් එක් කිරීම සඳහා අවැන්ඩ් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති විසින් සිදුකල කුමන්ත්‍රණයක් බවට අරගලකරුවන් චෝදනා කරයි.

මීට පෙරද අරගලකරුවන් ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවාස අසල සාමකාමී විරෝධයක් සිදුකරන අතර තුර එය ත්‍රස්තවාදයක් බවට පෙන්වීම සඳහා සිදුකරන ලද බස් ගිනි තැබීමේ සිදුවීමද නිශ්ශංක සේනාධිපති විසින්ම සිදුකරන ලද්දක් බවට අනාවරණය වී ඇති බව අරගලකරුවන් පවසයි.

මේ අනුව රාජපක්ෂවරුන්ගේ අනුහසින් තම සියලු නඩු වලින් නිදහස් වූ නිශ්ශංක සේනාධිපතිගේ චෝදනා නැවත අධිකරණයේදී විනිශ්චය කළ යුතු බව අරගලකරුවන් පවසයි.
-newspedia
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka