අරගලකරුවෝ පක්ෂයක් ලියාපදිංචි කරති
ජන අරගලයේ නිරත පිරිස් "ජන අරගලයේ පුරවැසියෝ" නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත.
මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එම ලියකියවිලි බාරදුන් බව අරගලකරුවෝ පැවසූහ.
ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර මහතා එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි.
කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද ඔහු සඳහන් කළේය.
අරගලකරුවෝ පක්ෂයක් ලියාපදිංචි කරති
2022-07-18T19:02:00+05:30
Gossip Lanka Hot News






