gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද මැරෙන තුරු පිරිසක් රතිඤ්ඤා සූදානම් කරගෙන..

මුළු රටක් ලෙයින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේදී එදා කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ මේ රටේ සමහරුන් මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැරෙන තුරු රතිඤ්ඤා ලෑස්ති කරගෙන අද බලා සිටීම කෙතරම් අභාග්‍යසම්පන්න තත්වයක් දැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා හැඬූ කඳුළින් යුතුව ප්‍රශ්න කළේය.
මතු ආත්මයකදීවත් මේ දෙරණේ නොඉපදින්නට තමා ප්‍රාර්ථනා කරන්නේ මෙනිසා බවද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා කුමන අඩුපාඩු තිබුණත් මේ රටට යම් තීරණාත්මක මෙහෙවරක් කළ ඓතිහාසික චරිතයක් බව තමාගේ අදහස යැයි පැවසූ දිසානායක මහතා එවැනි පුද්ගලයකු මැරෙන තුරු අකෘතඥ පිරිසක් මෙලෙස බලා සිටීම අතිශයින්ම ඛේදජනක තත්වයක් බවද ප්‍රකාශ කළේය.

මිනිසකු නොව සතෙකු මිය ගියත් තමා සතුටු වන පුද්ගලයකු නොවේ යැයිද වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දිනයේ බොහෝ දෙනෙකු රතිඤ්ඤා පත්තු කළද තමා එසේ නොකළේ මිනිසෙකු මිය යෑම සතුටුවිය හැකි සිද්ධියක් නොවන බව තමාගේ අභ්‍යන්තරය පෙන්වා දෙන නිසා යැයිද විමලවීර දිසානායක මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා තමාට පෙරේදා දිනයේ කතා කළ බව පැවසූ හිටපු ඇමැතිවරයා ඔහු ඉතා හොඳ සුවයෙන් පසුවන බවද සඳහන් කළේය.

අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට සමහරුන් ප්‍රචාර ගැන තමා ඔහුට පැවසූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා ” ඕවා ඔහොම තමයි විමලේ..මට අසාධ්‍යයි කියලා මම වත් දන්නෙ නෑ ” යනුවෙන් පවසා මහ හඬින් සිනාසුනු බවද හිටපු ඇමතිවරයා කීවේය.

– ලංකාදීප
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka