gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පා පහරයේ සිද්ධියට කමල් ගුණරත්න මානව හිමිකම් කොමිසමට!

කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පසුගියදා යුද හමුදා නිලධාරියකු පුද්ගලයකුට පා පහර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගෙන් කරුණු විමසීමක් කළ බව කොමිසම පවසයි.

සිය සභාපතිවරිය සිදුකර තිබු දැනුම් දීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා ඊයේ (05) එහි පෙනී සිටි බවද කොමිසම් පවසයි.

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන් මෙම සිද්ධිය හෙළා දකින බවත්, මේ සම්බන්ධයෙන් යුද හමුදාව ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා කොමිසමට දැනුම් දී ඇත.

මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශය පියවර ගන්නා බවට ද ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ දැනුම් දී ඇත.

රටතුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව ප්‍රකෝපකාරි සිද්ධීන් සිදුකළත් නිලධරීන්ට නීතිය හා සාමය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට උපදෙස් ලබා දෙන ලෙසටත්, මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසටත් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව එම කොමිසම් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka