gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති මුක්තිය නිසා පාස්කු නඩුවෙන් රනිල් ඉවත් කරන්න ඉල්ලයි! උසාවියේදී මෛත්‍රීපාල විරුද්ධ වෙයි!

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දැනුම් දුන්නේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා මගිනි.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගැණීනි.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.

ඒ අනුව, මේ පිළිබදව කරුණු දැක්වීම සදහා සියලු වගඋත්තරකරුවන්ට අවසථාව සලසා දෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට  කැදවීමට නියෝග කළේය.

මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණේ, ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, තකෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශ්ව 12ක් විසිනි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුලු  පිරිසක් නම් කරනු ලැබ සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka