මට අතිගරු කියන්න එපා... ඒ වචනේ අදින් පස්සේ තහනම්...කැරළිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එහිදී වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.
සාමකාමීව අරගල කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවත්, එහෙත් ඇතැම් පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට සැලසුම් කර ඇති බැවන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම කිසිඳු කණ්ඩායමකට ඉඩ ලබා නොදෙන බවද වැඩ බලන ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
කැරළිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් පවතින බවත් කැරළිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවත්, සාමකාමී අරගලකරුවන් සමඟ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවද වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළා.
නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවත් දේශපාලන මති මතාන්තර පසෙකලා රට වෙනුවෙන් එකට එක්විය යුතු බවත් වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළා.
මට අතිගරු කියන්න එපා... ඒ වචනේ අදින් පස්සේ තහනම්...කැරළිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
2022-07-15T14:24:00+05:30
Gossip Lanka Hot News






