එළැඹෙන 09 වනදා පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී පෙට්‍රල් බෝම්බ සකස් කිරීම සඳහා උපදෙස් ලබාදෙමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැහැදිලි කිරීමක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය මාරාන්තික විහිලුවක් බවත්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව බාර ඇමැතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්ය.
ඒ ගැන පරීක්ෂණ නොකරන්නේ නම් මෙය ආණ්ඩුව විසින් කළ එකක් බවට චෝදනා එල්ල වීම නොවැළැක්විය හැකි බවද ඒ මහතා කීය.