gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුපියල් 250 කට ඉන්ධන ලීටරයක් ලබාදිය හැකි බවට කෝප් කමිටුවේ දී අනාවරණයක්

රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝජිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා යළි අවධාරණය කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට ඊයේ (06) කැඳවා තිබූ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයා කළ විමසීමකදී ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය.

"අපි බලනකොට අපිට තේරුණා මෙතෙන කිසියම් වැරැද්දක් තියෙනවා කියලා. මේ තෙල් CPC එකෙන් CEB එකය ලබාදෙන. ඒ ගැන හොයාගෙන යනකොට අපිට තේරුණා ඇමතිවරයා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රය කිසිදු පදනමක් නැතිව ඉදිරිපත් කරලා ඒ අනුව මිල සංශෝධනයක් සිදුකරලා තියෙනවා කියලා."

ඇමති මහින්ද අමරවීර - ඇමතිතුමා හදලා තියෙන්නේ නැත්නම් අමාත්‍යාංශ නිලධාරීන් ද?

"ඒක මම දන්නේ නෑ. ඇමතිතුමා තමයි ට්විට් කරලා තියෙන්නේ. එතුමාගේ ට්විටර් එකෙන් මම ගත්තේ. අපිට සම්පුර්ණ දත්ත ලැබුණා. ආනයනය කරන වියදමයි. TAX එකයි අපි හොයාගත්තා. ඒ දෙකේ පරතරය තියෙනවා සාමාන්‍යයෙන් රු 150ක - 200ක වගේ. ඒ කියන්නේ අපි ඩීසල් ආනයනය කරන මුලික වියදම CIF එක වටිනාකම දාලා තියෙන්නේ ඩොලර් 174ක් වගේ. ඒ වුණාට අපි පරිශීලනය කරනකොට අපිට ලැබුණ දත්ත ආනයනය කර ඇති වියදම 174ක් වෙන්නේ නෑ. ආනයනය කර ඇත්තේ 100 - 110ක් අතර. IOC එකෙන් ජුලි 1 වෙනිදා ඩීසල් තොගයක් ගෙන්වා තිබෙනවා. ඇත්තටම තෙල් ආනයනය කරන වියදම රු 350ට වැඩිවෙන්නේ නෑ.මේක බොරුවක් නෙමෙයි. ලිපිගොනුවල තිබෙන ඇත්ත කතාව."

ඇමති මහින්ද අමරවීර - එතකොට ඔය ගෙනල්ලා තියෙන්නේත් රු 250ට අඩුවෙන් ද?

"දැන් අපේ ප්‍රශ්නය තියෙන්නේ ෆර්නස් ඔයිල් වියදම රු 171යි. CPC එක CEB එකට දෙන්නේ රු 419ට. රු 250ක් අයකරනවා එක ලීටරයිකින්."

ඇමති මහින්ද අමරවීර - සාමාන්‍ය මිනිස්සුන්ට ඕන ඩීසල් හා පෙට්‍රල් නේ ? ඒක රු 250ට දෙන්න පුළුවන්කම තියෙද්දි රු 400 ගාණට දෙනවා කියලා නේ ඔබතුමා කියන්නේ. ?

"කවුරු හරි කියනවා නම් රු 400යි  - රු 450නම් ඒක බොරුවක්. ඒක ඇත්ත කථාව, මම කියන්නේ ගේන ගණන රු 200ක් වුණාම කොහොමද රු 400ක් වෙන්නේ. ඒක වෙන්න බෑ. TAX එකත් ගෙවලා. එක එක තෙල් මිල වෙන්නේ රු 250, රු 170ක්, රු 180ක්, රු 220ක් මේ ඇත්ත කතාව ගිය සුමානය වෙනකල්. මේ සුත්‍රය සම්පූර්ණයෙන්ම වැරදියි."

ඇමති මහින්ද අමරවීර - මම කියන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් ඔබතුමා කියන දේ වෙලා තියෙනවා නම් මේ මිනිස්සු ගෙනහල්ලා හිටුවා පස් ගහන්න ඕනේ. අපි ඔක්කෝටම නේ වගකියන්න වෙන්නේ

"වෙලා තියෙනවා. මම දුන්නාම දත්ත ටික."

කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් - මේක සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ මොකද්ද හිතන්නේ ? ඔබතුමාන්ලා යටතේ තමයි මේක තියෙන්නේ ?

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් - "නෑ නෑ අපි දැනුවත් නෑ."

කොමිසමේ අනෙක් සාමාජිකයින් කොමිසමේ දෙයක් විදියට පිළිගන්නවා ද මේක ?

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක - "මම පිළිගන්නේ නෑ. මම සිටින කිසිම අවස්ථාවක මිල සුත්‍ර ගැන කථා කළේ නෑ."

කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් - අනෙක් අධ්‍යක්ෂ තුමා

මහජන උපයෝගිතා කොමිසමේ නියෝජ්‍ය සභාපති උදේනි වික්‍රමසිංහ - "මමත් හිටපු අවස්ථාවේ මේ ගැන කථා වුණේ නෑ."

කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් - ඔබතුමිය 

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික චතුරිකා විජේසිංහ - "අද තමයි මම දැක්කේ." 

කෝප් කමිටු සාමාජික ජයන්ත සමරවීර - ඔබතුමා මේක අමාත්‍යාංශය එක්ක හරි පෙට්‍රෝලියම් එකක් හරි මීට පෙර කතා කර තිබෙනවා ද?

ජනක රත්නායක - "වාචිකව කතා කරලා තියෙනවා. ෆර්නස් ඔයිල් CEB එකට ගන්න කොට මම කිව්වා වගේ ආනයන වියදම වගේ දෙගුණයක් අය කරද්දි ඒක දෙගුණයක් වන්නේ තිරුබදු වැඩිකරද්දි 171ට ගන්න ෆර්නස් ඔයිල් 419ට දෙද්දි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම කියන්නේ මම කියන දත්ත පරිශීලනය කරලා ඇත්ත. ඒක මම දැනුත් කියනවා. හේතුව තමයි අපි පරිශීලනය කරලා තියෙනවා ආයනික කරන දත්ත.  මේ සුත්‍රයේ තියෙන දත්ත බොරු තියෙන්නේ. ඒකට මට තියෙනවා ආනයනය කරපු දත්ත සියල්ල. මේ රු 419ට අරගෙන තෙල් අපි ලයිට් දුන්නොත් එහෙම පැය 3ක් කපලා බිලියන 40ක් ඕනේ CEB එකට මේ මාසේ විතරක් ෆර්නස් ඔයිල් ගන්න. ඇත්ත වියදම වෙන්නේ බිලියන 12යි."   
-adaderana
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka