පොහොට්ටුවේ තවත් 10ක් කෙළින්ම ඩලස්ට ජන්දය දෙන බව ලිපියකින් දන්වයි! 10 දෙනාම අස්සන් කරලා එවපු ලියුම මෙන්න!
නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා හෙට දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ හෘද සක්ෂියේ දසදෙනාගේ කණ්ඩායම ද තීරණය කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නීතිඥ උදයන කිරිඳිගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල,කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල, රත්නපුර දිස්ත්‍රික මන්ත්‍රී අකිල එල්ලාවල ඇතුළු මන්ත්‍රිවරුන් දසදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිපියකින් ඒ බව තහවුරු කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ
පොහොට්ටුවේ තවත් 10ක් කෙළින්ම ඩලස්ට ජන්දය දෙන බව ලිපියකින් දන්වයි! 10 දෙනාම අස්සන් කරලා එවපු ලියුම මෙන්න!
2022-07-20T07:07:00+05:30
Gossip Lanka Hot News







