gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඖෂධ ගැන ඔබ දැන ගත යුතුම දේ මෙන්න

මේ වන විට ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය මගින් සෞඛ්‍ය අංශයට කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් තර්ජන එල්ල කරමින් පවතියි.

ප්‍රධාන වශයෙන් රජයේ ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ තිබු විවිධ අඩුපාඩුකම් නිසා ඇතැම් ඖෂධ නොමැති තත්වයක් ඇතිව ඇත.

ඇතැම් රජයේ රෝහල් මගින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධ බැහැරින් රැගෙන එන ලෙස පැවසීම මේ වන විට සාමාන්‍ය තත්වයක් බවට තත්ත්වයක් බවට පත්ව ඇත.කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත ඖෂධ සැපයීම අර්බුදයක් බවට පත්වී නොතිබීම අස්වැසිල්ලට කරුණකි.එසේ වුවත් ඖෂධවල මිල ද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී.

ඇතැම් පාර්ශව ඊට ඖෂධ සමාගම්වලට චෝදනා කළද සත්‍යය වන්නේ මිල ඉහළ යෑම එම සමාගම්වල බලපෑමට සිදු වූවක් නොව රුපියල අවප්‍රමාණය වීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස එම තත්වය ඇති වූ බවය.ලංකාවේ පවතින නෛතික රාමුව තුළ ඖෂධවල මිල තීරණය කිරීම එකී ඖෂධ සමාගම් වලට පමණක් සිදු කළ නොහැක.ඒ සඳහා අවසර ගැනීමේ පටිපාටියක් පවතින අතර රෝගීන්ට හැකිතරම් පහසුවෙන් සහ අඩු මුදලකට අදාළ ඖෂධය
ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම එම ක්‍රියාවලිය මගින් සහතික කරනවා.

ඖෂධ වල මිල වැඩිවීම කෙරෙහි රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම වැඩිදුරටත් පැහැදිලි කළ හොත් ඖෂධ ආනයනය කිරීමේදි ණයවර ලිපි විවෘත කිරීම සිදු කරනු ලබයි. අදාළ කාලසීමාවෙන් අනතුරුව ගෙවීම් කටයුතු ඇරඹෙන අතර ඒ වනවිට විදේශ විනිමය අනුපාතවල සිදු වී තිබෙන වෙනස්කම් මත වැඩි මුදලක් අදාළ සමාගම්වලට සිදු වෙයි.මේ නිසා ඖෂධවල මිල තීරණය වීමේදි සැලකිය යුත්තේ එම ඖෂධ ආනයනය කළ යුතු දිනය නොව එම ඖෂධ වෙළඳපොළට නිකුත් කළ දිනයයි. මේ හේතු නිසා එකම කාණ්ඩ අංකය සහ එකම
නිෂ්පාදිත දිනය සහිත ඖෂධවල පවා මිල ගණන් වෙනස් විය හැකිය.විශේෂයෙන්ම පසුගිය කාලය තුළ විදේශ විනිමය අනුපාතය දිනපතාම ඉහළ ගිය අතර මේ වන විට යම් තාක් දුරකට එම අගය ස්ථාවරව පවතී.

යම් ලෙසකින් පෞද්ගලික අංශයේ මේ මැදිහත්වීම් හෝ නොතිබුණේ නම් මේ වන විට සමස්ත සෞඛ්‍ය පද්ධතියම කඩා වැටී පවතිනු නොඅනුමානය. එසේනම් ඖෂධ වලට ගෑස් හෝ ඉන්ධන වලට අත්වන ඉරණම ම අත්වනු ඇත.අදාළ ඉන්ධන පෝලිමේ සිට ලබාගත හැකි වුවද ඖෂධ නොමැති වීමේ පසුබිමක ඇති විය හැකි මරණ සංඛ්‍යාව ගැන පුරෝකථනය කිරීමට පවා අපහසුය. පවතින තත්වය යටතේ රෝගීන්හට ඖෂධ මිලදී ගැනීමට යම් දීමනාවක් හෝ ලබාදීමට රජය මැදිහත් විය යුතුය.ඒ සඳහා රජයට මුදල් නොමැති නම් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය අවැසි අයට ලබාගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය.

එසේම දිගු කාලයක සිට ශ්‍රී ලංකාවේ කතාබහට ලක්ව තිබෙන මාතෘකාවක් වන සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමේ වැදගත්කම යළිත් මතු වී ඇත.සෞඛ්‍ය රක්ෂණයක් තිබුණේ නම් රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට යම් තාක් දුරකට හෝ සහනයක් හිමි වෙනවා පමණක් නොව රාජ්‍ය වියදම් ප්‍රමාණය ද යම්තාක් දුරකට අඩු කරගත හැකි වනු ඇත.

එසේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වී ඇත.
විශේෂයෙන්ම රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට සෑම තත්පරයක්ම වැදගත් බැවින් ඉන්ධන බෙදාහැරීමේදී සෞඛ්‍ය අංශ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කිරීම සිදුවිය යුත්තකි. හැකියාවක් පවතින්නේ නම් සෞඛ්‍ය අංශ වල සාමාජිකයන් ගේ නිවෙස් සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබාදීමේ ක්‍රියාවලියක් ද ඇති කළ යුතුය.

කෙසේ නමුත් වර්තමාන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මීටත් වඩා දරුණු ප්‍රශ්නයකට ඉදිරි වසරක් හෝ දෙකක් ඇතුළත අපේ රටට මුහුණදීමට සිදු වනු ඇත.ඒ බුද්ධි ගලනයයි.වඩාත් හොඳ ජීවන තත්වයක් තත්ත්වයක් අපේක්ෂාවෙන් වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාමේ හැරයාමේ ප්‍රවණතාවය වැඩිවීම නිසා ඉදිරි වසර කීපය තුළ සෞඛ්‍ය අංශය මුහුණදෙන දරුණුතම අර්බුදය බවට මානව සම්පත් අර්බුදය පත්වනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka