සනත් නිශාන්ත ගෝඨාගෝගමට ගහලා සති ගාණක් ඇතුළෙ හිටියා! අන්න ඒ පාර සනත්ගෙ අයියා ජගත් සමන්ත තෙල් පෝලිමේ හිටපු මනුස්සයෙකුටයි-පොලිසියේ කෙනෙකුටයි ගහලා! පවුලම චණ්ඩි වගේ! (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයකු වන ජගත් සමන්ත විසින් පෙරේදා (17) දිනයේදී ප්‍රසිද්ධියේම පුද්ගලයෙකුට පහරදී තිබේ.
ඔහු මෙසේ පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුට වන අතර එම සිදුවීම අසල පිහිටි CCTV කැමරාවක ද සටහන් වී ඇත.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පවසන්නේ “UNPකාරයින්ට තෙල් දෙන්නෑ” යැයි පවසමින්, මරණීය තර්ජන කරමින් ජගත් සමන්ත තමන්ට පහරදුන් බවයි.
ජගත් සමන්ත මීට පෙර ද අවස්ථා කිහිපයකදීම පුද්ගලයින්ට හා දේපළවලට මැර ප්‍රහාර එල්ල කර තිබුණු අතර කිහිපවිටකම පොලිස් අත් අඩංගුවට ද පත්ව තිබිණි.
සනත් නිශාන්ත ගෝඨාගෝගමට ගහලා සති ගාණක් ඇතුළෙ හිටියා! අන්න ඒ පාර සනත්ගෙ අයියා ජගත් සමන්ත තෙල් පෝලිමේ හිටපු මනුස්සයෙකුටයි-පොලිසියේ කෙනෙකුටයි ගහලා! පවුලම චණ්ඩි වගේ! (VIDEO)
2022-06-19T09:09:00+05:30
Gossip Lanka Hot News