තෙල් හිගයක් රට තුළ මතුව ඇත්තේ ජනතාව සිය නිවාසවල තෙල් සගවාගෙන සිටීම නිසා බවත්, එසේ සගවාගෙන ඇති ප්‍රමාණය නැව් 5ක් පමණ වන බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවැසීය.
ඒ මහතා කියා සිටියේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලු ගෙවල් පරීක්ෂා කළ යුතු බවකි.
එමෙන්ම ත්‍රීරෝද රථ හිමියන් ඉන්ධන වංචාවක නිරත වන බව කී ඒ මහතා ඔවුන් තෙල් එකතු කොට වැඩි මිලට විකුණන බවද කියා සිටියේය.