10 දෙනෙක් ගෙන් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමග සාකච්ඡා ආරම්භකර තිබේ. නමුත් මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නියමිත වේලාවට එක්වීමට අවස්ථාව ලැබී නොමැත.
ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ඔහු පැය භාගයක් පමණ පමා වූ බවය.
අයි එම් එෆ් නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර ආරම්භක අදහස් හුවමාරු කර ගැනීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
