ලන්ඩන් නුවර සිට කොලඹට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය, තවත් ගුවන් යානයක් හා ගැටීමට ගිය බවට පලවන මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට එම ගුවන් යානය ගුවනේදී තවත් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරයි.
ජුනි 13 වැනිදා, ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව ගුවන් සමාගම තහවුරු කරයි. අවදානම වළක්වාගැනීමට සමත් වූ UL 504 හි ගුවන් නියමුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ නොමඳ ප්‍රශංසාව ද පළ කරයි.
ශ්‍රි ලංකන් ගුවන් නියමුවන්ගේ විචක්ෂණශීලීභාවයත්, ගුවන් යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්ෂිතව පියාසර කිරීමේ අවස්ථාව සැලසුණු බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
