වර්තමානයේ රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පමණින් හැකියාවක් නොලැබෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා අවධාරණය කළේ මීට පෙර අවස්ථා පහකදීත් අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අවස්ථාවලදීද රට නඟාසිටුවීමට නොහැකි වූ බවයි.
එසේම මෙම අර්බුදකාරී තත්ත්වයට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ සියලු ප්‍රධානීන් වගකිව යුතු බවද කී ෆොන්සේකා මහතා සඳහන් කළේ ඇතැම් නිවට පුද්ගලයන් වරදාන වරප්‍රසාද ලබාගැනීම සඳහා ඇමැතිකම් භාරගත්තද තමන් කිසිදු විටෙක ඇමැති ධුර ලබාගෙන ආණ්ඩුව සමග එක් නොවන බවයි.
සරත් ෆොන්සේකා මහතාගේ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.
