gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් කරන්නේ බැසිල්ගේ කොන්ත්‍රාත්තුවක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක භූමිකාවට අමතරව කපුටු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බවයි.

පාලිත රංගේබණ්ඩාර මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සංවිධාන කර තිබූ පක්ෂ නියෝජිත සාකච්ඡාවකදීයී.

21 වන සංශෝධනයට සහය ලබානොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව ද පැවැසූ රංගේබණ්ඩාර මහතා පෙන්වා දෙන කාරණයක් වන්නේ රටට ආදරය කරන අයෙකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවයි. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ එම සංශෝධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම බව මහලේකම්වරයා පවසයි.

දෙමළ ජාතික සන්ධානය 21 වන සංශෝධනයට පක්ෂව සිටියද එම්.ඒ.සුමන්තිරම් සහ රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් පමණක් ඊට විරෝධය දක්වන තත්ත්වයක් නිරීක්ෂණය වන බවද ඔවුන්ද බැසිල් රාපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව පැහැදිලිව පෙනී යන්නේ යැයිද ඔහු සදහන් කළේය.

21 වන සංශෝධනය යනු 19 වන සංශෝධනයටත් වඩා ප්‍රබල සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පාර්ලිමේන්තු නිදහස තහවුරු කරන ව්‍යවස්ථා සංශෝධනයක් බව පැවැසූ පාලිත රංගේබණ්ඩාර මහතා එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පෙනී සිටින්නේ සෘජුවම විධායක බලතල ආරක්ෂා කිරීමට යැයිද පැවැසීය.

- අද 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka