"මාතෘත්වයට අපහාස කරන්න එපා..!" – නිවස ඉදිරිපිට විරෝධතා කළ හිරුණිකා වෙනුවෙන් රනිල් පෙරට!
තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය සංවාදයකින් විසඳා ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.
"මාතෘත්වයට අපහාස කරන්න එපා..!" – නිවස ඉදිරිපිට විරෝධතා කළ හිරුණිකා වෙනුවෙන් රනිල් පෙරට!
2022-06-23T11:04:00+05:30
Gossip Lanka Hot News






