"රට අඳුරට පත් කරන්න එපා" - අගමැති වෘත්තීය සමිතිවලට අවවාද කරයි
ශ්‍රී ලංකාවේ පවතින ගැටලුවලට වඩා තවත් ප්‍රශ්න ඇති කිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලුම වෘත්තීය සමිතිවලට අද (08) අවවාද කළා.
විදුලිබල පනත සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය කළ අනතුරු ඇඟවීම පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඉන්දියාව ප්‍රමුඛ වෙනත් රටවලින් ලබා ගන්නා මූල්‍ය සහ වෙනත් ආධාරවලට මෙය අහිතකර විය හැකි බවත් විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසයි අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ.
"රට අඳුරට පත් කරන්න එපා" - අගමැති වෘත්තීය සමිතිවලට අවවාද කරයි
2022-06-08T22:29:00+05:30
Gossip Lanka Hot News






