ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ සිටි ඩීල් පප්පකු ලෙස ප්‍රකට එජාප හිටපු ප්‍රබල ඇමැතිවරයකු මේ වනවිට යළිත් අරලිය ගහ මන්දිරයට රිංගා නැවත වතාවක් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් වහාම අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සාගල රත්නායක මහතා කැදවා මෙම කටයුත්ත නවත්වන ලෙසට නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ යහපාලන සමයේ ඇතිවූ කළු පැල්ලම් වත්මන් ආණ්ඩුව සමයේ සිදු නොවිය යුතු බවය.
මෙම ඩීල් දේශපාලඥයා හට මේ වනවිට අරලිය ගහ මන්දිරයේද කාමරයක් වෙන්ව ඇති අතර නිතරම මල් පාරේ පිහිට අගමැති කාර්යාලයේද හෙතෙම රැදී සිටින බවත් දැනගන්නට ඇත.
-mawratanews
