රට වහන්නද යන්නේ? ඇමැතිවරු බයවෙලා! ජනාධිපතිටයි අගමැතිටයි දිගට හරහට ඇමතුම්!
ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී ලොක්ඩවුන් හෝ ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින්නේද යන්න පිළිබදව ඇතැම් මැති ඇමතිවරුන් සහ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විමසා ඇති බව වාර්තා වේ.
එහෙත් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිචාර දක්වා තිබූ බව දැනගන්නට ඇත.
ලබන සතියේ තවත් ඉන්ධන තොගයක් මෙරටට පැමිණීමට නියමිත බැවින් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ හෝ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සඳුදා සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු සේවාවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් තවමත් ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
-mawratanews
රට වහන්නද යන්නේ? ඇමැතිවරු බයවෙලා! ජනාධිපතිටයි අගමැතිටයි දිගට හරහට ඇමතුම්!
2022-06-16T22:11:00+05:30
Gossip Lanka Hot News





