Exclusive : පුද්ගලික වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම නතර කෙරේ… අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබේ. අද පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් වෙත එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ අත්‍යාවශ්‍ය ආහාර පාන බෙදාහැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Exclusive : පුද්ගලික වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම නතර කෙරේ… අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි
2022-06-27T20:10:00+05:30
Gossip Lanka Hot News






