gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

21 විසිවෙයි! බැසිල් පාර්ලිමේන්තුවෙන් එළියට යයි! ආර්ථිකය හදන වැඩේ ජනාධිපති ධම්මිකට බාර දෙන්න තීන්දු කරයි!

මුදල් අමාත්‍ය ධූරය බාරගෙන කොට කලක් ගත වුවද කලින් කියා තිබූ ආකාරයේ ජාත්‍යන්තර ආධාර නොලැබෙන තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට බාර දීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම සාකච්ජා රැසක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.

මුලින් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට දැනුම් දී තිබුණේ තමන් අගමැති ධූරය බාරගත් සැණින් ජපානයෙන් ඩොලර් බිලියන 5ක මුදලක් ලැබෙන බවත්, ජාත්‍යන්තර ආධාර ගලා ඒම ආරම්භ වන බවත්, ජනතාවට තුන්වේල ගෑමට ලැබෙන බවත්, පෝලිම් යුගය අවසන් වන බවත්ය.

නමුත් එසේ කී කිසිවක් මේ වනවිට සිදුව නොමැති වීම මත ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් වූ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට ගෙන ආර්ථිකය සම්බන්ධ වගකීම් රැසක් පැවරීමටය.

ඒ අනුව බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතා සිය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වනු ඇති බව දැනගන්නට තිබේ.

එසේම ජනාධිපති බලතල සීමා කෙරෙන 21 වන සංශෝධනයද ඉදිරිපත් නොවන තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka